පිරිමි කණ්ඩායමට තෙවැනි තැන ගිලිහෙද්දී කාන්තා කණ්ඩායම හත්වැනි තැන රැකගනියි


ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවේ ශ්‍රී ලංකාවේ පැවති තෙවැනි අදියරේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ එම ස්ථානය වෙනුවෙන් පැවැති තරගයෙන් චීනය හමුවේ ලකුණු 27-12ක් ලෙසින් පරාජයට පත්වීමෙනි. මෙම තරගාවලිය ඊයේ (29දා) කොළඹ තුරග තරග පිටියේදී අවසන් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයේදී ප්‍රභල දකුණු කොරියාව ලකුණු 24-10 ක් ලෙස පරාජය කලේය.

මෙහි කුසලාන ශූරතාව ජපානය විසින් හිමිකර ගත්තේ හොංකොං ලකුණු 17-12ක් ලෙස පරදවමිනි.

මේ අතර මෙම තරගාවලියට සමගාමීව කොළඹ තුරග තරග පිටියේදීම පැවැත්වූ මෙම තරගාවලියේ කාන්තා අංශයේ 07 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ මැලේසියාව ලකුණු 17-07ක් ලෙස පරදවමිනි. එහි කුසලාන ශූරතාව ජපානය දිනා ගත්තේ තායිලන්තය ලකුණු 26-05ක් ලෙස පරදවමිනි.

ශ්‍රී ලංකා-ද.කොරියාව අතර තරගයේ අවස්ථාවක්

ශ්‍රී ලංකා (කාන්තා) හා මැලේසියාව අතර තරගයේ අවස්ථාවක්

ශ්‍රී ලංකා (පිරිමි) හා චීනය අතර තරගයේ අවස්ථාවක්

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles