පැතුම්ගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්


අඩුම ඉනිම සංඛ්‍යාවකින් විස්සයි20 ලකුණු 2000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා 
අතරට එක්විය. පැතුම් සිය විස්සයි20 ලකුණු 2000 ඉනිම 68කින් පසුකර ගියේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ
කුසල් පෙරේරා ඒ වෙනුවෙන් ඉනිම 76ක් වැය කර තිබුණි.

එසේම කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස්ට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ලකුණු 2000 සම්පූර්ණ කළ තෙවැනි පිතිකරුවා ලෙසද පැතුම් වාර්තා අතරට එක්විය.



Recommended Articles