පැතුම්ගෙන් ශතකයක්


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස් කරමින් සිටියි. පැතුම් නිශ්ශංක 101*, දිනේෂ් චන්දිමාල් 48* නොදැවී පිටියේ රැදී සිටිති. ළහිරු උදාර ලකුණු 29ට දැවී ගියේය.

 



Recommended Articles