පාකිස්ථානය පළමුව පන්දුවට පහරදීම තෝරා ගනියි කසුන් රාජිත වෙනුවට ලසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට


සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථානය පළමුව පන්දුවට පහරදීම තෝරා ගනිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුවී ඇති අතර කසුන් රාජිත වෙනුවට ළසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට කැඳවා ඇත. පාකිස්ථානු කණ්ඩායමට උස්මාන් ෂින්වාරි වෙනුවට යසීර් ෂා කණ්ඩායමට කැඳවා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර

පාකිස්ථාන කණ්ඩායම

ෂාන් මසූඩ්, ආබිඩ් අලි, අසර් අලි, බාබර් අසාම්, හැරිස් සොහේල්, අසාඩ් ෂෆීක්, මොහොමඩ් රිස්වාන්, යසීර් ෂා, මොහොමඩ් අබ්බාස්, නසීම් ෂා, ෂාහින් ෂා අෆ්රිඩි

 

ඡායාරූපය - ඕෂිත වරකපිටිය



Recommended Articles