ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් අගෝස්තු මාසයේදී පාකිස්තානයට පැමිණීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා බැලීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාකිස්තානයට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාකිස්තානයට පැමිණීමට නියමිත දිනය ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත බවද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.
سری لنکا کرکٹ بورڈ نے پی سی بی کو سیکورٹی وفد بھجوانے کی یقین دہانی کرادی
— Pakistan Cricket (@TheRealPCB) July 22, 2019
سری لنکا کرکٹ بورڈ کا وفد اگست میں پاکستان آئے گا
وفد کی پاکستان آمد کے بارے میں حتمی تاریخوں کا اعلان جلد کردیا جائے گا
پاکستان اور سری لنکا کے درمیان ٹیسٹ سریز اکتوبر میں شیڈول ہے#PAKvSL pic.twitter.com/A8q6d3FB5z