පාකිස්තානයට නොගිය දික්වැල්ල හා කුසල් PSL යති


පාකිස්තානයේ පැවැති එක්දින හා විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීග තරගාවලියේ මූලික ක්‍රීඩක ලැයිස්තුවට එක්ව තිබේ.

කුසල් මෙන්ඩිස් පාකිස්තානයේ පැවැති තරගාවලියට ආබාධයක් නිසා එක් නොවූ අතර නිරෝෂන් දික්වැල්ල ආරක්ෂක තත්ත්වය අනුව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කළේය.

ඔවුන්ට  අමතරව ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක හා ඉසුරු උදානද මූලික ක්‍රීඩක ලැයිස්තුවට එක්ව තිබේ.



Recommended Articles