ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු දිවියට සමුදෙයි


 

ක්‍රිකට් පිටියේ වඩාත් ජනප්‍රිත්වයට පත්වූ ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස හැඳින්වෙන එංගලන්ත ජාතික හැරල්ඩ් (ඩිකී) බර්ඩ් අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට 92 හැවිරිදි වියේ පසුවූ බර්ඩ් ටෙස්ට් තරග 66 ක් හා එක්දින තරග 69 ක් විනිශ්චය කර ඇති අතර ලෝක කුසලාන අවසන්මහා තරග 3 ක්ද ඔහු විසින් විනිශ්චය කර ඇත. හෙතෙම 1996 වර්ෂයෙන් අනතුරුව සිය විනිසුරු දිවියට සමුදුන්නේය.

ක්‍රීඩකයෙකු ලෙසින්ද 1956  වර්ෂයේදී එංගලන්ත යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ බර්ඩ් පළමු පෙළ තරග 93 ක් නියොජනය කර ඇත. පසුව එම ප්‍රාන්ත සංගමයේ සභාපති ධුරයද ඔහු විසින් හෙබවීය.



Recommended Articles