නේමාර්ගේ ගෝලය නිසා සහෝදරියගේ අතට හානි


බ්‍රසීල සුපිරි පාපන්දු තරුව වන නේමාර්ද සිල්වා කොස්ටාරිකා කණ්ඩායමට එරෙහිව ලබාගත් ගෝලයේ සතුට සැමරීමට ගිය ඔහුගේ බාල සොහොයුරිය වන රෆායෙල්ලා සැන්ටොස්ගේ අත අබාධයකට ලක්ව ඇත.

සිය සහෝදරයා ලබාගත් ගෝලය සැමරීමේදී ඇය්ගේ මිතුරියක් හා ගැටීමෙන් මෙසේ ඇයගේ වම් අත ආබාධයකට ලක්ව ඇත.

තරගාවලියේ මේ දක්වා නේමාර්ට එතරම් දක්ෂතා දැක්වීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් බ්‍රසීල පාපන්දු ප්‍රේක්ෂකයන් ඔහුව විවේචනයකට ලක්කරමින් සිටියි.

කොස්ටාරිකා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-0ක් ලෙස බ්‍රසීලය ජයගත්තේය. මේ වන විට ලෝකයේ සිටින වටිනාකමින් වැඩිම පාපන්දු ක්‍රීඩකයා වනනේ නේමාර්ය.

බ්‍රසීලයත් අවසන් 16ට



Recommended Articles