නිලානි රත්නායකගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්


මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නිලානි රත්නායක අද (03දා) සමත්වූවාය.

ඒ කොළඹ සුගතාද ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 96 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරාතාවලියේදීය. ඇය  ඒම ඉසව්ව විනාඩි 9 තත්ත්පර 46.47කින් නිම කරමින් මෙම වාර්තාව පිහිටවනු ලැබීය.

නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

ඡායාරූපය - පපරේ 

 



Recommended Articles