සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු පහක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 17.4කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 80ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වූ කමිල් මිෂාර පන්දු 20කදී ලකුණු 20ක් රැස් කළේය.
ලකුණු 81ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14.2කදී කඩුලු පහක් දැවී ලකුණු 84ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.