දෙවැනි ටෙස්ට් තරගය අද


බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩා­යම දෙවැනි ටෙස්ට් තරගය අද (3) ඇන්ටි­ගු­වාවේ නෝර්ත් සවුන්ඩ්හි ශ්‍රීමත් විවි­යන් රිචඩ්ස් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වීමට නියමිතය. 

දෙපිල අතර පළමු තර­ග­යෙන් කොදෙව් පිල ඉනි­මක දැවැන්ත ජයක් වාර්තා කර­මින් මේ වන විට 1-0ක් තර­ගා­ව­ලියේ වාසිය දැන­ට­මත් තමන් සතු­ක­ර­ගන සිටී. ඒ හේතු­වෙන් මේ තර­ගය ජය ගනි­මින් තර­ගා­ව­ලිය 1-1ක් ලෙස ජය පරා­ජ­යෙන් තොර කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩා­යමේ එකම අර­මුණ වී තිබේ. මේ තර­ගා­ව­ලිය අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලි­යට අයත් බැවින් යළිත් ජය­ග්‍ර­හ­ණ­ය­කින් ශ්‍රී ලංකා පිලට ප්‍රසාද ලකුණු සට­හනේ ඉහළ නැඟීමේ අව­ස්ථාව උදා වනු ඇත.

කොදෙව් පිල අව­සන් වරට ශ්‍රී ලංකා­වට එරෙ­හිව ටෙස්ට් තර­ගා­ව­ලි­යක් ජය­ගෙන ඇත්තේ 2003 වස­රේ­දීය. අන­තු­රුව පැවති තර­ගා­වලි 7න් 3ක් ශ්‍රී ලංකාව ජය­ගෙන ඇති අතර, 4ක් ජය පරා­ජ­යෙන් තොරව නිමා වී ඇත.

 

 



Recommended Articles