දිමුත් හැම්ප්ෂයර් කණ්ඩායම සමග එක්වෙයි


ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එංගලන්තයේ හැම්ප්ෂයර් කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගතව තිබේ.

ඒ අනුව ජුලි මස මැද භාගයේදී ආරම්භවීමට නියමිත T20 බ්ලාස්ට් තරගාවලිය දක්වා ඔහු හැම්ප්ෂයර් කණ්ඩාය‍ම සමගින් තරග කිරීමට නියමිතය. ඒ එම කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා ලෙසිනි.

දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කළ දිමුත් එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස ජයග්‍රහණය කරා මෙහෙයවීය.

එංගලන්ත සිවුදින තරග 10ක් හා එක්දින තරගාවලියේදී ඔහු හැම්ප්ෂයර් කණ්ඩයම නියෝජනය කිරීමට නියමිතය.



Recommended Articles