දිමුත් කරුණාරත්න ඉහළම ශ්‍රේණිගත කිරීම ලබයි


ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත්විය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි අංක 7 ස්ථානය හිමිකරගනිමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකා තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතාව අනුව ප්‍රසාද ලකුණු 754ක් උපයාගැනීමට දිමුත් සමත්වී ඇති බවයි.

ශතකයක් හා අර්ධ ශතක තුනක් සමගින් (158*,60,53 හා 85) ලෙස දිමුත් ලකුණු 356ක් ටෙස්ට් තරග දෙකේදි රැස්කර ගැනීමට සමත්විය. මෙම ශ්‍රේණිගත කිරීම්හි නායක දිනේෂ් චන්දිමාල්ට අංක 8 ස්ථානය හිමිව තිබේ. 



Recommended Articles