දින දෙකක් අවසානයේත් බංග්ලාදේශය පිතිකරණයේ


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.

දිනය අවසන් වන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 151ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 484ක් ලබා සිටියේය.

මෙහිදී මුෂ්පිකර් රහීම් ලකුණු 163ක් සහ නායන නජ්මුල් සන්ටෝ ලකුණු 148ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී අසික ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් විය.



Recommended Articles