දැල්පන්දු කණ්ඩායම දිවයිනට


සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා)  දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.  

ජයග්‍රාහී කණ්ඩායමට උණුසුම් පිළිගැනීම් හිමිවූ අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය. ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතාව දිනා ගත්තේ වසර 9කට පසුව වීම සුවිශේෂී වෙයි.

ටී.කේ.ජී. කපිල

 



Recommended Articles