දඬුවම් පහරින් ස්වීඩනය ජයගනියි


පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ස්වීඩන කණ්ඩායම හා දකුණු කොරියා කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත්විය.එෆ් කාණ්ඩයේ තරගයක් වූ මෙය අද (18දා) පැවැතියේය. තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකිවිය.

නමුත් 65 වැනි විනාඩියේදී ස්වීඩන කණ්ඩායමට ලැබුණ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ස්වීඩනයේ ග්‍රැන්ක්විස්ට් සමත්වීම හේතුවෙන් තරගයේ ජය ස්වීඩනයට හිමිවිය.2002 වසරෙන් පසුව ලෝක කුසලාන තරගාවලියකදී ස්වීඩනය දඬුවම් පහරක් සාර්ථක කර ගත් අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.

_102096444_gettyimages-977774984



Recommended Articles