දකුණු අප්‍රිකාවෙන් සාර්ථක ආරම්භයක්


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම  අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබාදුන්නේය.

ඒ අනුව සාර්ථක ආරම්භයක් ලබාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 101ක් රැස්කරගෙන සිටියි.

සිය මංගල තරගයට ක්‍රීඩා කරන රීසා හෙන්ඩ්රික්ස් (31) ෆෆ් ඩුප්ලෙසි (0) නොදැවී හා පිටියේ රැඳි සිටිති.

හෂීම් අම්ලා (59) තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේද ක්යින්ටන් ඩි කොක් (2) ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේද දැවී ගියහ.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුම වෙයි.

ඡායාරූප ශාන්ත රත්නායක



Recommended Articles