දකුණු අප්‍රිකාව ලකුණු 170ක් ඉදිරියෙන්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 126ක් රැස්කරගෙන සිටියි.

ඒ් අනුව ශ්‍රී  ලංකා දෙවැනි ඉනිමට වඩා තවත් කඩුලු 6ක් අතැතිව දකුනු අප්‍රිකාව ලකුණු 170ක් ඉදිරියෙන් පසුවෙයි.

දකුණු අප්‍රිකාව පළුමු ඉනිමට රැස්කළ ලකුණු 235ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 191ත් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූයේය.

අද තරගයේ තෙවැනි දිනයයි

.

 



Recommended Articles