දකුණු අප්‍රිකාව ලකුණු 126ට සීමාවෙයි


සත්කාරක ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ගාල්ලේ පැවැත්වන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 126ක් පමණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 287ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 161ක් ඉදිරියෙන් සිටියි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඉහළම ඉනිම නායක ඩු ප්ලේසි ක්‍රිඩා කළ අතර ඔහු ලකුණු 49ක් රැස්කළේය. වෙනත් කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොඳුන්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්රුවන් පෙරේරා කඩුලු 4ක් හා නායක සුරංග ලක්මල් කඩුලු 3ක් දවාගත්හ. රංගන හේරත් (2) හා සඳකැන් (1) අතර ඉතිරි කඩුලු තුන බෙදී ගියේය.

ශ්‍රී ලංකාව නැවතත් පන්දුවට පහරදිමට පිටියට පිවිසියේය.

 

 



Recommended Articles