දකුණු අප්‍රිකාව 124ට දැවී යයි - ලංකාව ලකුණු 365ක් ඉදිරියෙන්


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 151ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමට වඩා තවත් කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 365ක් ඉදිරියෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 338ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 124ක් පමණි.

අකිල ධනංජය කඩුලු පහක් දවා ගත් අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු 4ක් දවාගත්තේය.

දිමුත් කරුණාරත්න (59) ඇන්ජලෝ මැතිව්ස් (12) නොදැවී පිටියේ රැඳී සිටිති. ධනුෂ්ක ගුණතිලක ලකුණු 61ක් රැස්කිරීමට සමත්විය.

 



Recommended Articles