දකුණු අප්‍රිකානුවෝ පැමිණෙති


දීර්ඝ තරග සංචාරවක් සඳමා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (02දා) ශ්‍රී ලංකාවට  පැමිණියේය. සවස 4.20 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 647 දරන ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් ටෙස්ට් තරග 02 ක්,  එක් දින තරග 05 ක් සහ එක් විස්සයි20 තරගයට ලංකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතය.

කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය.

මෙම කණ්ඩායම ලබන අගෝස්තු මස 14 දින සංචාරය නිමා කර ආපසු දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.

ටී.කේ.ජී. කපිල

 



Recommended Articles