දකුණු අප්‍රිකානු " ඒ " ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
ක්‍රීඩකයින් සහ නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත මෙම දකුණු අප්‍රිකානු කණ්ඩායම දින උදෑසන 08.20 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම කණ්ඩායම පල්ලෙකැළේ හි පැවැත්වෙන එක් දින තරග 03 කට සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දින 04 ක්‍රිකට් තරග දෙකකට ද සහභාගී වීමට නියමිතය.
මෙම ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ මෙම කණ්ඩායම ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි.




