තිසරට නායකත්වය


සත්කාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්විමට නියමිත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබේ.

එහි උපනායක ලෙස දසුන් ශානක  නම්කර ඇති අතර එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

අශාන් ප්‍රින්ජන්, උපුල් තරංග හා ළහිරු තිරිමාන්නද කණ්ඩායමට නම්කර ඇත.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම - තිසර පෙරේරා (නායක), උපුල් තරංග, දසුන් ශානක (උප නායක), ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, අශාන් ප්‍රියන්ජන්, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා 1), චරිත් අසලංක, ශම්මු අශාන්, මිනෝද් භානුක (කඩුලු රකින්නා 2), මලින්ද පුෂ්පකුමාර, නිශාන් පීරිස්, ශෙහාන් මධුශංක, අසිත් ප්‍රනාන්දු, ඉසුරු උදාන

 



Recommended Articles