තිලංගට එරෙහිව හරීන්ගෙන් නියෝගයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයාගේ මෙම නියෝගය අනුව තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ලෙස ක්‍රිකට් ආයතයේ කිසියම් වූ රැස්විමක හෝ කමිටුවකට සහභාගිවීම, ඡන්දය ප්‍රකාශ කිරිම තහනම් වෙයි.

 



Recommended Articles