තරංගගෙන් ශතකයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ගාලු කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 90ක ජයක් වාර්තා කිරිමට කොළඹ කණ්ඩායම සමත්විය. දිනේෂ් චන්දිමාල්‌ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර 20 දී කඩුලු පහට ලකුණු 197ක් රැස්කිරීමට  සමත්විය.

වේගවත් ඉනිමක් දියත් කළ උපුල් තරංග පන්දු 67කදී හත‌රේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් රැස්කිරිමට සමත්විය. ෂෙහාන් ජයසූරිය ලකුණු 22ක් හා ජීවන් මෙන්ඩිස් පන්දු 13කදී ලකුණු 30ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි. ඇන්ජලෝ පෙරේරා ලකුණු 54ක් රැස්කිරීමට සමත්විය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් අකිල ධනංජය කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය.

 



Recommended Articles