එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය පිරිනමා තිබේ. වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී ඈන් කුමරිය විසින් ඔහුට නයිට් පදවිය පිරිනමා තිබේ. 2024 ජූලි මාසයේදී ක්‍රිකට් පිටියෙන් සමුගත් 43 හැවිරිදි ඇන්ඩර්සන්, ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම නයිට් පදවිය පිරිනමා තිබේ.
ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 704 ක් ලබා ගත් අතර, එය මෙතෙක් වේග පන්දු යවන්නෙකු විසින් ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වන අතර, දඟ පන්දු යවන්නන් වන මුත්තයියා මුරලිදරන් (800) සහ ෂේන් වෝන් (708) ට පමණක් පිටුපසින් සිටියි. ඔහු එක්දින තරගවලදී කඩුලු 269 ක් දවාගෙන තිබේ.


