චමරිට පමණක් ඒ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක්


ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. A,B,C,D යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ මෙසේ කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

එහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කරන චමරි අතපත්තුට පමණක් ඒ කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමිව තිබේ.

නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙනමම කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති අතර ඔවුන්ට මාසික දීමනාවක් හා පැමිණීමේ දීමනාවක් හිමිව තිබේ.

බී කාණ්ඩයට ක්‍රීඩිකාවන් 8ක්, සී කාණ්ඩය ක්‍රීඩිකාවන් 3ක්, ඩී කාණ්ඩයට ක්‍රීඩිකාවන් 8ක් ඇතුළත් වෙයි.

නැගී එන කාණ්ඩයට ක්‍රීඩිකාවන් 15ක් ඇතුළත් වෙයි.



Recommended Articles