චන්දිමාල් හතුරු හා අසංක වැරදි පිළිගනිති


ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා නොවන අන්දමේ වරදක් සිදුකිරිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකරු අසංක ගුරුසිංහ වැරදිකරුවන් බවට පිළිගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් පනවන දඬුවම් පිළිබඳව තීරණයක් ගැනීමට අධිකරණ කොමසාරිස් ලෙස මයිකල් බෙලෝෆ් පත්කර තිබේ.

දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල කිරීම හේතුවෙන් තෙවැනි දිනයේදී පැය දෙකක කාලයක් පිටියට නොපැමිණ විරෝධතා දැක්වීමට ඔවුන් කටයුතු කර තිබුණි.

එසේම දිනේෂ් චන්දිමාල්ට එරෙහිව එල්ල වී ඇති පන්දුව පළුඳු කිරිම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගොනු කළ ඇපෑලද අද (22දා) විභාගයට ගැනීමට නියමිතය.



Recommended Articles