චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි


පන්දුවේ තත්ත්වය වෙනස් කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වී ඇති චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව හා කොදෙව් අතර ක්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගය අවසන් වූ විට මේ සම්බන්ධයෙන් විභාග කරනු ඇත.

තරග තීරක ජවගල් ශ්‍රී නාත් විසින් මෙය විභාග කරනු ඇති තරග එම තරගයේ නිලධාරීන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරිත්වය ඒ සඳහා එක්වෙනු ඇත.එසේම වීඩියෝ දර්ශනද යොදාගැනෙයි.

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව වෙනස් කිරීමේ චෝදනාවට ලක්වූ අතර එම තීරණයට විරෝධය දක්වමින් තෙවැනි දිනයේ තරගය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිටයට නොපැමිණියේය.

GettyImages-969249534

 



Recommended Articles