ගිවිසුමට අනුව ගාල්ලේ ක්‍රිකට් ඉවත් කරන්න බෑ - තිලංග


ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමට අනුව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ක්‍රිකට් ඉවත් කළ නොහැකි බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

ගිවිසුමට අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ වෙනත් ක්‍රීඩා සිදුකළ නොහැකි බවත්, සිදුකළ යුත්තේ අනවසර ඉදිකිරීමක් තිබෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කර විසඳුමක් සොයා ගැනීම බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.ගාල්ලට ජාත්‍යන්තර ප්‍රසිද්ධිය හිමිව තිබෙන්නේ ක්‍රිකට් නිසා බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.



Recommended Articles