ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැවැති තරගවලින් වැඩිම ජයග්‍රහණ ලබාදුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නොපැවැත්වෙන බව මේ වනවිට ගාල්ල ක්‍රීඩාංගණයේ පරිපාලනය භාරව සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙම තීරණය ගෙන ඇත්තේ අද (17දා) උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති හමුවකින් අනතුරුවය.
මෙම තීරණයට අනුව ඉදිරි දින දෙක තුන තුළදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවතින ගොඩනැගිලි ඉවත් කිරීමට නියමිත අතර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට රැගෙන යෑමට නියමිතය.
ගාලු කොටු පවුර ඓතිහාසික වැදගත්කමකින් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කර තිබීම හේතුවෙන් 2007 වසරේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට සාකච්ඡා කෙරිණි.
ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ගාල්ල මහනගර සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළද එම සාකච්ඡා මේ වනවිට අසාර්ථක වී තිබේ.
කෙසේ වුවද ගාල්ල ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නියෝජිතයෙක් අදට සඳහන් කළේය.