කෞෂාල් සිල්වාටත් නායකත්වය


දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු සිවුදින තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කෞෂාල් සිල්වාට හිමිව තිබේ. මෙම තරගය එළැඹෙන 26දා හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමිතය. තරගය සඳහා නම් කළ සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා සංචිතය - කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක (උපනායක), ශම්මු අශාන්, මනෝඡ් සරත්චන්ද්‍ර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දිලේෂ් ගුණරත්න

අතිරේක - නිසල තාරක, හසිත බෝයගොඩ

 



Recommended Articles