මේ වනවිට උද්ගතව ඇති කෝවිඩ්19 වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රවලට බලපෑම් ඇතිවී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවද ඊට ඇතුළත්. පවතින වාතාවරණය හේතුවෙන් තරගාවලි තබා පුහුණු සැසි හෝ නොපැවැත්වීමට අදාළ බලධාරීන් විසින් තීරණය කර තිබීම නිසා මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩකයන්ද නිවෙස්වලට වී කාලය ගත කරනවා.
කෙසේ වෙතත් නිවසට වී කාලය ගත කරන අතරතුර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තනි තනිව පුහුණු කටයුතු කරන ආකාරය ඔවුන් විසින් සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැර තිබුණා.
මේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන් කිහිපදෙනෙකු එලෙස පුහුණු කටයුතු සිදුකළ ආකාරයයි.