කොරෝනා සටනට වෝනර් හිස මුඩුකරයි


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කොරෝනාවට එරෙහිව සටන් වදින පිරිසට සහය පතමින් සිය හිස මුඩුකොට ඇත. මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් ඔහු තබා ඇත්තේ තමන් විසින්ම හිස මුඩු කරනා වීඩියෝවද ඇතුලත් කරමිනි.

මෙය අභියෝගයක් ලෙස නම් කරමින්, වෝනර් ඒ සඳහා ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිද නම් කොට ඇත. කෙසේ වෙතත් කෝලි සිය අභියෝගයට තවමත් පිළිතුරු ලබාදී නොමැත.

කෝලිට අමතරව වෝනර් සිය කණ්ඩායම් සගයන් වූ ස්ට්ව් ස්මිත්, පැට් කමින්ග්ස්, මාකස් ස්ටෝනිස්, ජෝ බර්න්ස් යන ක්‍රීඩකයින්ද මෙම අභියෝය භාර ගැනීමට නම් කොට ඇත.



Recommended Articles