කාන්තා ක්‍රිකට් කණ්ඩායම හර්ෂට


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හර්ෂ ද සිල්වා මහතා පත්කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අගෝස්තු 15 වැනිදා සිට වසර දෙකක කාලයකට ඔහු මෙසේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

හර්ෂ ද සිල්වා මහතා මේ වනවට බ්‍රස්බ්‍රේන්හි කාන්තා ක්‍රිකට් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකර ලෙස කටයුතු කරයි.

ඔහු මීට පෙර 2010-2013 දක්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.



Recommended Articles