ක්‍රිස් ගේල් ලෝක වාර්තාවක් අබියස


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට කොදෙව්හි සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ට මේ වන විට අවස්ථාව උදාවී තිබේ.

ක්‍රිස් ගේල් මේ වන විට ජාත්‍යන්තර තරග (ටෙස්ට්, එක්දින හා විස්සයි20)443කදී හයේ පහර 476ක් වාර්තා කරමින් එම පාකිස්තානයේ සහීඩ් අෆ්රිඩීට හිමි වාර්තාව සමකර තිබේ. අෆ්රිඩී තරග 524කදී හයේ පහර 476ක් එල්ල කර තිබේ.

කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර නිමාවූ එක්දින තරගාවලියේදී ක්‍රිස් ගේල් මෙම වාර්තාව සම කිරීමට සමත්විය.

දෙරට අතර තරග තුනිකින් සමන්විත විස්සයි20 තරගාවලිය අනිද්දා  පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එම තරග තුනේදී ගේල්ට ලෝක වාර්තාව පිහිටුවීමට වැඩි අවස්ථාවක් තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවා වන්නේ සනත් ජයසූරිය වන අතර අතර ඔහු තරග 586කදී හයේ පහර 352ක් ඉල්ල කර ඇත. සනත්ට සමසත් සටහනේ තෙවැනි ස්ථානය හිමි අතර දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයේ බ්‍රෙන්ඩම් මැකලම් තරග 432කදී හයේ පහර 398ක් එල්ල කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එල්ල කර ඇති හයේ පහර

ඇන්ජලෝ මැතිව්ස් තරග 343 හයේ පහර 170

මහේල ජයවර්ධන තරග 652 හයේ  පහර 170

කුමාර් සංගක්කාර තරග 594 හයේ පහර 159

අරවින්ද ද සිල්වා තරග 401 හයේ  පහර 150

තිලකරත්න ඩිල්ෂාන් තරග 497 හයේ පහර 112

තිසර පෙරේර තරග 213 හයේ පහර 111

අර්ජුන රණතුංග තරග 362 හයේ පහර 104



Recommended Articles