ක්‍රිකට් සභාපති හා ලේකම් ධූරවලට සිවු කොන් සටනක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිවුකොන් සටනක් නිර්මාණය වී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් සිව් දෙනාගේම නාම යෝජනා පිළිගෙන ඇති හෙයිනි. ඒ අනුව  මොහාන්ද සිල්වා, ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් හා ශම්මි සිල්වාගේ සභාපති ධුරයට තරග කිරිම නියමිතය.

සභාපති ධුරයට මෙන්ම ලේකම් ධූරය සඳහාද සිව්කොන් සටනක් නිර්මාණය වී ඇත. ලේකම් ධුරය සඳහා මොහාන්ද සිල්වා, බන්දුල දිසානායක, නිශාන්ත රණතුංග, ශම්මි සිල්වා යන අයගේ නම් පිළිගෙන තිබේ.

 

 

 



Recommended Articles