ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් පරිපාලනයට කමිටු 03ක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම්වල එක් නියෝජිකයෙකුගෙන් සමත්විත කමිටු 03ක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ක්‍රිකට් උපදේශක කමිටුවට සාමාජිකයන් 07ක්ද තරගාවලි කමිටුවට සාමාජිකයන් 05ක්ද විනිසුරු කමිටුවට සාමාජිකයන් 05ක්ද යනාදී වශයෙන් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

ක්‍රිකට් උපදේශක කමිටුව

මයිකල් ද සොයිසා (සිංහල ක්‍රීඩා සමාජය)

කෙන් ද අල්විස් (සිංහල ක්‍රීඩා සමාජය)

චන්දික හතුරුසිංහ (ජාතික ක්‍රිකට් පුහුණුකරු-ශ්‍රී ලංකා ක්‍රිකට්)

අසංක ගුරුසිංහ (ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරී-ශ්‍රී ලංකා ක්‍රිකට්)

ග්‍රැහැම් ලැබ්රෝයි (ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති)

ඈෂ්ලි ද සිල්වා (ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී)

ජෙරම් ජයරත්න (ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී)

 

තරගාවලි කමිටුව

සමන්ත දොඩන්වල-සභාපති  (සිංහල ක්‍රීඩා සමාජය)

ශේන් ප්‍රනාන්දු-ලේකම් (කෝල්ට්ස් ක්‍රීඩා සමාජය)

එච්. පාර්තලිංගම්-සාමාජික (ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය)

රිෆායි ආරිෆ්-සාමාජික (මුවර්ස් ක්‍රීඩා සමාජය)

මහින්ද හලංගොඩ-සාමාජික (සිංහල ක්‍රීඩා සමාජය)

 

විනිසුරු කමිටුව

කේ. එච්. නන්දසේන-සභාපති (බී.ආර්.සී ක්‍රීඩා සමාජය)

බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර-ලේකම් (යුද හමුදා ක්‍රීඩා සමාජය)

ජනක කලුහෙන්දිහේවා-සාමාජික (බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය)

ප්‍රියන්ත අල්ගම-සාමාජික (සැරසන්ස් ක්‍රීඩා සමාජය)

ඒ. ආර්.එම්. අරූස්-සාමාජික (හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය)        



Recommended Articles