ක්‍රිකට් කොන්ත්‍රාත් නැවත අත්සන් කිරීමේදී දැන්වීම් පළකිරීම අනිවාර්යයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් කාලය අවසන්ව ඇති සියලුම කොන්ත්‍රාත් තැවත අත්සන් කිරිමේදී විවෘතව දැන්වීම් පළ කිරීම හා ඇගයීම් සිදුකිරිම අත්‍යාවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාට යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.

ඒ අනුව දැන්වීම් පළකිරීමෙන් පසු සිදුකරන ඇගයීමකින් පසුව අලුතෙන් කොන්ත්‍රාත් අත්සන් කිරීම සිදුකළ යුතු වෙයි.



Recommended Articles