ක්‍රිකට් කණ්ඩායමට අතිරේක ආරක්ෂාවක්


එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකාව ජාතික ක්‍රිකට් කණ්ඩායමට අතිරේක ආරක්ෂාවක් ලබාදීමට කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාවේ මෑතකදී ඇතිවූ බෝම්බ පිපිරීම් පිළිබඳව අවධානය යොමුකරමින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටියි.



Recommended Articles