ක්ලිෆර්ඩ් කුසලානයේදී යුද හමුදා හා යුනිචෙලාගෙන් වැඩි දස්කම්


93 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ වැඩි දස්කම් දැක්වීමට යුද හමුදා හා යුනිචෙලා කණ්ඩායම් සමත්විය. එහි පිරිමි අංශයේ ශූරතාව යුද හමුදාව විසින්ද කාන්තා අංශයේ ශූරතාව යුනිචෙලා කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදී. පුරා දින 5 ක් (07-11) කොළඹ රාජකීය විදුහල් බොක්සිං ක්‍රීඩාගාරයේදී පැවති තරගාවලියේ අවසන් තරග ඊයේ (11දා) රාත්‍රියේදී පැවැත්විනි. කාන්තා අංශයේ බර පංති 10 ක් හා පිරිමි අංශයේ බර පංති 10 ක් යටතේ තරගාවලියේ තරග පැවැත්විණි.

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles