ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු බිඳ වැටෙයි


ලෝක කුසලානය දිනාගැනීම කෙරෙහි තැබූ බලාපොරොත්තු ඊයේ (26දා) දිනයේදී පේරු රාජ්‍යය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය හේතුවෙන් අත්හැර ගැනීමට ඔස්ට්‍රේලියාවට සිදු විය.

ඔස්ට්‍රේලියාව 0-2 පේරු

රුසියාවේ සෝචිහි ෆිෂ්ට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයගැනීමට පේරු රාජ්‍යය සමත් විය. මෙහිදී පේරු රාජ්‍යය වෙනුවෙන්  අන්ද්‍රේ කාරිලෝ 18 වැනි මිනිත්තුවේදී හා පාවුලෝ ගුරෙරෝ 50 වැනි මිනිත්තුවෙදීත් ගෝල රැස් කරගත්හ.  ඒ අනුව ‘’සී’ කාණ්ඩයෙන් ප්‍රංශය සහ ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ප්‍රංශය 0-0 ඩෙන්මාර්කය

එමෙන්ම ඊයේ පැවති 'සී’ කාණ්ඩයේ‍ අනෙක් තරගය වූ ප්‍රංශය සහ ඩෙන්මාර්කය අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. මෙම තරගය රුසියාවේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.



Recommended Articles