ඔස්ට්‍රේලියානු ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ද.අප්‍රිකාවට ලකුණු 432ක දැවන්ත ඉලක්කයක්


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තුන්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 431ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 142(103)ක්, කැමරන් ග්‍රීන් නොදැවි ලකුණු 118(55)ක්, මිචෙල් මාෂ් ලකුණු 100(106)ක් සහ ​ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 50(37)ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් සහ සෙනුරන් මුත්තුස්වාමී එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවේය.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුනු 432ක් රැස් කරගත යුතු වේ. 



Recommended Articles