එල්.පී.එල්. නොවැම්බරයේදී


ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි 6වන අදියර  නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලියේ තරග කොළඹ ආර් ප්‍රේමදාස පිටිය, පල්ලෙකැල් ක්‍රීඩාංගණය හා දඹුල්ලේදී මෙම තරගාවලියේ තරග පැවත්වෙයි.

2026 T20 ලෝක කුසලානය අරමුණුකර ගනිමින් මෙවර තරගාවලිය සංවිධානය කර තිබේ. ජාත්‍යන්තර ආකර්ෂණයක්  සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 තරඟාවලිය වන LPL, රටේ ඉහළම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරු සමඟ තරඟ කිරීමට සහ ඔවුන්ට එරෙහිව තරඟ කිරීමට වේදිකාවක් ලෙස කටයුතු කරයි.

2020 දී සමාරම්භක සංස්කරණයේ සිට, ලංකා ප්‍රිමියර් ලීගය වාර්ෂිකව පවත්වනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දින දර්ශනයේ වැදගත් අංගයක් බවට පත්ව ඇත.



Recommended Articles