එංගලන්තයෙන් ලෝක වාර්තාවක්


ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ටෙස්ට් තරග 1000ක් ක්‍රීඩා කළ පළමු රට බවට එංගලන්තය අද වාර්තා අතරට එක්විය.

ඒ එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද ආරම්භ වූ පළමු  තරගයත් සමගිනි. මෙම තරගය එංගලන්තයේ සත්කාරක්තවය යටතේ බර්මින්හැම් පිටියේ පැවැත්වෙයි.

එංගලන්තයට එම වාර්තාව පිහිටුවීම සඳහා වසර 141ක කාලයක් ගතවී තිබේ.

එංගලන්තයට පසුව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩාකර ඇති රට වන්නේ ඔස්ට්‍රේලියාවයි ඔවුන් ටෙස්ට් තරග 812ක් ක්‍රීඩා කර තිබේ. ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 274කට ක්‍රීඩා කර ඇත.

එංගලන්තය 1000

ඔස්ට්‍රේලියාව 812

බටහිර ඉන්දීය කොදෙව් 535

ඉන්දියාව 523

දකුණු අප්‍රිකාව 427

නවසීලන්තය 426

පාකිස්ථානය 415

ශ්‍රී ලංකාව 274

බංග්ලාදේශය 108

සිම්බාබ්වේ 105

අයර්ලන්තය 1

ඇෆ්ගනිස්තානය 1



Recommended Articles