එංගලන්තය හා නවසීලන්තය අවසන් පූර්ව වටයට


2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රභල නවසීලන්තය හා එංගලන්තය සමත්විය.

ඒ ඊයේ (19දා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකකදී ඔවුන් ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙනි.

තරගාවලියේ 41 වැනි තරගය ලෙසින් පැවැති එංගලන්තය හා ඔස්ට්‍රේලියා අතර පැවැති තරගයෙන් ලකුණු 40-16ක් ලෙස ජය ගැනීමට එංගලන්තය සමත්විය.

තරගයේ ඉදිරියෙන් සිටි එංගලන්ත කණ්ඩායම පළමු අර්ධයේදීත් ලකුණු 17-9ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවිය.

තරගාවලියේ 42 වැනි තරගයෙ ලෙසින් පැවැති නවසීලන්තය හා අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 46-14ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය.

තරගයේ පළමු අර්ධයේ පටන් නවසීලන්තය ඉදිරියෙන් පසුවූ අතර ඔවුන් එම අර්ධය ලකුණු 22-0ක් ලෙස ජය ග්‍රහණය කළේය.

ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේ පැවැත්වෙයි.



Recommended Articles