ඉසුරු උදාන හා කසුන් රාජිත විස්සයි20 සංචිතයට


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (14දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගයට කසුන් රජිත හා ඉසුරු උදාන කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දකුණු අප්‍රික නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය හෙට එස්.එස්.සී. පීටියේදී පැවැත්වීමට නියමිතය.

මෙම එක්දින තරගාවලියට හා විස්සයි20 තරගාවලියට නම් කර තිබූ ජෙෆ්රි වැන්ඩසේ හා ශෙහාන් මධුශංක තවදුරටත් නැගී එන සංචිතය හා රැඳී සිටින හෙයින් කසුන් හා ඉසුරු මෙසේ විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබේ.

 



Recommended Articles