ඉන්දීය දඟපන්දු යවන්නෙක් පිටියට සමුදෙයි


ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්‍රා සිය වෘත්තීය ක්‍රිකට් දිවියට සමුදෙන බව ප්‍රකාශ කර ඇත. 42 හැවිරිදි මිශ්‍රා ටෙස්ට් තරග 22 ක්. එක්දින තරග 36 ක් හා විස්සයි20 තරග 10 ක් ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කඩුළු 156 ක් දවා ගැනීමට සමත්වී ඇත.

 2017  වසරේදී අවසන් වරට ඉන්දීය කණ්ඩායම නියෝජනය කළත්  මිශ්‍රා 2024 වසර දක්වාම අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කලේය. ඔහු 2008 වසරේදී ජාත්‍යන්තර පිටියට පැමිණෙමින් එම වසරේදීම අයි.පී.එල්. වරම්ද හිමිකර ගත් මිශ්‍රා අයි.පී.එල් තරග 162 කදී කඩුළු 174 ක් දවා ගැනිමට සමත්වුයේ එහි වැඩිම කඩුළු ලාබීන් අතර  8 වැනි ස්ථානයේ පසුවෙමිනි.



Recommended Articles