ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ හිටපු කඩුළු රකින ක්‍රීඩක ෂෆිකුල්ලා ෂාෆික්ට වසර 6 ක තරග තහනමක් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) පියවර ගෙන ඇත. මෙහිදී ෂාෆික්ට චෝදනා 4 ක් එල්ලවී ඇත. මෙහිදී මූලික වශයෙන් ඔහුට මෙවර 2019-20 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී සිදුවූ තරග පාවාදීමේ සිදුවීමකට ඔහු වැරදිකරුවෙකු වීම ඇති අතර ඊට අමතරව 2018 වර්ෂයේධී ඇෆ්ගනිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී ඇත. මේ අනුව ෂාෆික්ට වසර 6 ක් ක්‍රිකට් සම්බන්ධ කිසිදු කාරණයටක සම්බන්ධවීමට නොහැකි වනු ඇත.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසර 6 ක තරග තහනමක්
Recommended Articles