ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව මුහුණ දෙන පළමු තරගය අද


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භ වීමට නියමිතය.

බංග්ලාදේශය අවසන්වරට ක්‍රීඩා කළ විස්සයි20 තරග පහන් හතරක් ජය‍ගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම  අවසන්වරට මුහුණ දුන් විස්සයි20 තරග පහෙන් තුනක්ම පරාජයට පත්ව තිබේ.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ආබාධයක් හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ සමග පැවැති විස්සයි20 තරගාවලිය අහිමි විය.



Recommended Articles